Pages

Monday, May 21, 2012


වව්ලෙක් ඔබ අමතයි!

.
වව්ලාගේ ජයග්‍රාහි පළමු වෙනි බ්ලොග් ලිපියයි මේ! :ඩී
.
මුලින්ම කිව්වොත් මේක හැදුවේ අපි කාපු කට්ට කන එකෙන් SLIIT එකේ අනාගත පරපුර බේර ගන්න!! IPE වල Lab Exercises කරන්න ගියාම, programming ගැන මෙලෝ සංසාරයක් දන්නැතුව අපි අමු කට්ටක්නෙ කෑවේ! CF වල සතියෙන් කරන්න ඕනි Lab sheets කරගන්න බැරුව ඒ කට්ටම කෑවා!
.
ඒ කාලෙමයි අපි හිතුවෙ අපි කරපු IPE lab exercises, CF වල අපි හදපු lab sheet answers,  එතකොට තව past papers වලට අපි ලියපු උත්තර මෙහෙම නෙට් එකට දානවා කියල. හැබැයි මේවා කෙලින්ම copy කරලා විලි ලැජ්ජාවක් නැතුව moodle එකට  upload කරල ෂේප් වෙන්න නම් එපා!! දන්නැති, තේරෙන්නැති දේවල් ගැන පොඩි අදහසක් වත් ගන්න පුලුවන් වෙන්නයි මේවා දාන්නේ....
.
ආ තව දෙයක්! මේවා එකක් වත් official ඒවා නෙමේ!! ඒ කිව්වෙ තේරෙන සිංහලෙන් කිව්වොත් 'Use at your own Risk!!'. මේවා අපේ ගැන්සියේ බුවාලගේ වැඩ. ඉතින් අඩුපාඩු එහෙම ඇති! ගනන් ගන්න එපා හොඳේ!
.
ආ අපි තාම 1st year නේ! 1st සෙමෙස්ටර් එක ඉවර උනා විතරයි! ඉතින් තාම දාන්න පුලුවන් අපි කරපු ටික, ඒ කියන්නේ 1st year, 1st semester එකේ වැඩ විතරයි. අපිට මොන ජිල්මාට් එකක් හරි දාල අවුරුදු 4ම ඉන්න පුලුවන් උනොත්, ඒ යන ගමන් අපි කරන ඒවා upload කරන්නන්කෝ හොඳේ!


-Jericho